වැඩිහිටියන් සදහා සෞඛ්‍ය කදවුරක්
******************************
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ මූල්‍ය අනුග්‍රහයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් සංවිධානය වූ ඇඳ ගත රෝගීන් පරීක්ෂා කිරීමේ වැඩසටහන හා වැඩිහිටියන් සදහා පැවැත්වූ සෞඛ්‍ය කඳවුර 2024.10.25 හා 26 දෙදින පුරා බස්නාගල දොඩාවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන පැවැත්විණි.
ඊට සමගාමීව දැරණියගල සිරිසුමන වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් පරීක්ෂාවද සිදු කරන ලදී. මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරිනියක විසින් රෝහල් කාර්‍ය මණ්ඩලයද සමඟ ඇඳ ගත රෝගීන් සිටින නිවෙස් වලටම ගොස් ඔවුන් පරික්ෂා කොට අවශ්‍ය කරන ඖෂධ ලබා ගැනීමට 26 දින සායනය වෙත යොමුවන ලෙස ඔවුන්ගේ පවුල්වල දරුවන් හෝ ඥාතීන් දැනුවත් කිරීම සිදු කරන ලදී.
දොඩාවත්ත ප්‍රාථමික විද්‍යාලය කේන්ද්‍ර කරගෙන ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් සමාජ සේවා අංශයේ සංවිධානයෙන් පැවැති සෞඛ්‍ය කඳවුරේදී බස්නාගල කලාපයේ වැඩිහිටි සංවිධානවල සාමාජික සාමාජිකාවන්ගේ අක්ෂි පරීක්ෂාව, රුධිරගත කොලෙස්ටරෝල් සහ සීනි පරීක්ෂාව, පියයුරු පිළිකා අවදානම පිළිබඳ පරීක්ෂණ, BMI දර්ශකය පරීක්ෂා කිරීම, දන්ත සායනය, වෛද්‍ය හමුව හා අවසානයේදී රෝග සඳහා නොමිලයේ ඖෂධ ලබාදීමද සිදු කරන ලදී.
එම කලාපයේ රෝගීන් 400 ක් සඳහා මෙම සේවාවන් සැපයුණු අතර ඊට අමතරව ශ්‍රවණ උපකරණ හා ඇස් කන්ණාඩි ලබා ගැනීම සඳහා වැඩිහිටියන් යොමු කිරීමද සිදුවිය.
මෙහිදී වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩල මේ සඳහා දැක්වූ සහයෝගයට ගෞරවනීය කෘතවේදීත්වය පල කරමු.
මේ සඳහා සහභාගී වූ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන විජේවර්ධන මැතිතුමා, දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමිය, ඇතුළු වැඩිහිටි මහලේකම් කාර්යාලයේ නිලධාරීන්ට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමු .
දොඩාවත්ත ප්‍රාථමික විද්‍යාලයේදී මෙම සද්කාර්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා අවසරය ලබාදුන් හා එම වැඩසටහන සඳහා සහභාගී වී අවශ්‍ය සහයෝගය ලබාදුන් දොඩාවත්ත ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන්ටද අපගේ ගෞරවණීය කෘතවේදීත්වය පුද කරමු.
එමෙන්ම දොඩාවත්ත ප්‍රධානව එම කලාපයේ වසම්වල ග්‍රාම නිලධාරීන්,ආර්ථික සංවර්ධන නිලධාරීන් හා කාර්යාලයේ නිලධාරීන් ලබාදුන් සහයෝගයද කෘතවේදීව සිහිපත් කරමු.
දොඩාවත්ත, බස්නාගල,නිල්වල,කීරීහේන,පොල්ගස්වත්ත, යන වැඩිහිටි සංවිධානවල නිලධාරී මණ්ඩලය හා සාමාජිකයින්ටද අපගේ කෘතවේදීත්වය පුද කරමු













0 Comments