සුහද බැඩ්මින්ටන් තරගාවලියක්
-------••••••••----------
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් පසුගියදා සුහද බැඩ්මින්ටන් තරගාවලියක් පැවැත්විණි.
එම තරගාවලියෙන් ජයග්‍රහණය කළ නිලධාරීන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් 2024.10.04 වන දින ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිපාලන ග්‍රාම නිලධාරිතුමා සහ සහකාර අධ්‍යක්ෂතුමන්ගේ ප්‍රධානත්වයෙන් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී,
කේවළ තරග(පිරිමි) ප්‍රථම ස්ථානය වෙනුවෙන් එම්.වී.එල්.එස්. රාජපක්ෂ මහතාද, දෙවන ස්ථානය වෙනුවෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් කේ. රමේෂ්රාජා මහතාද, තෙවන ස්ථානය වෙනුවෙන් පී.ජී.ටී.එස්. ධර්මසේන මහතාද සහතික පත්‍ර ලබා ගන්නා ලදී.
කේවළ තරග(කාන්තා) ප්‍රථම ස්ථානය වෙනුවෙන් එච්.පී.එන්. හර්ෂි මෙනෙවියද, දෙවන ස්ථානය වෙනුවෙන් පී.ජේ.එස්. නුවන්සිරි මෙනෙවියද සහතික පත්‍ර ලබා ගන්නා ලදී.
යුගල තරග(පිරිමි) ප්‍රථම ස්ථානය වෙනුවෙන් එම්.වී.එල්.එස්. රාජපක්ෂ මහතා සමඟින් ඩබ්.ඩබ්.සී.ටී. ප්‍රියදර්ශන මහතාද , දෙවන ස්ථානය වෙනුවෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් කේ. රමේෂ්රාජා මහතා සමඟින් පී.ජී.ටී.එස්. ධර්මසේන මහතාද සහතික පත්‍ර ලබා ගන්නා ලදී.
යුගල තරග(කාන්තා) ප්‍රථම ස්ථානය වෙනුවෙන් එච්.පී.එන්. හර්ෂි මෙනෙවිය සමඟින් ආර්.ඒ.ඩී.කේ.ආර්. රණතුංග මහත්මියද දෙවන ස්ථානය වෙනුවෙන් ආර්.එම්.එස්.එස්. සේනාරත්න මහත්මිය සමඟින් එස්.එල්.කේ.සේනානි මහත්මියද, තෙවන ස්ථානය වෙනුවෙන් පී.ජේ.එස්. නුවන්සිරි මෙනෙවිය සමඟින් එස්.එස්. සේනාධීර මහත්මියද සහතික පත්‍ර ලබා ගන්නා ලදී.
මෙම තරගාවලිය ජයග්‍රහණය කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු සමස්ත කාර්‍ය මණ්ඩලයේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතර, ඒ සඳහා නන් අයුරින් සහය වූ සැමටත් කෘතඥ වෙමු.




0 Comments