ප්‍රාදේශීය ළමා දින සැමරුම 2024
-----------••••••-----------
ජාත්‍යන්තර ළමා දින සැමරුමට සමගාමීව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන් පවත්වනු ලැබූ ප්‍රාදේශීය ළමා දින වැඩසටහන 2024.10.08 දින දොඩාවත්ත ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
පරිපාලන ග්‍රාම නිලධාරීතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරු දැරියන්ගේ නර්තනාංග වලින් අලංකෘත විය.
අනතුරුව දැරණියගල මුහන්දිරම් විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු වන්දික සමරදිවාකර මහතා විසින් දරුවන් වෙනුවෙන් ක්‍රීඩා වැඩසටහනක් පවත්වන ලදී. මෙහිදී එම දරුවන් ඉතා සක්‍රීය ආකාරයෙන් මෙම වැඩසටහනට සම්බන්ධ විය. අනතුරුව සංවර්ධන නිලධාරී කෝසල රන්දිලිනී මහත්මිය ඉදිරිපත් කළ "සෙවනැල්ලෙන් සමනලයින් මවමු" සෞන්දර්යාත්මක වැඩසටහන ක්‍රියාත්මක වූ අතර දරුවන් ඉතා උනන්දුවෙන් ඒ සඳහා ද සහභාගි විය.
අනතුරුව දිවා ආහාරය දරුවන්ට පිළිගැන්විනි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙන්ම දොඩාවත්ත ප්‍රාථමික විද්‍යාලය, බස්නාගල මහා විද්‍යාලය හා පල්ලේබාගේ විද්‍යාලය නියෝජනය කරමින් විදුහල්පතිවරුන් මෙම වැඩසටහනට සහභාගි වූ අතර සේපාලිකා පර්ශදය නියෝජනය කරන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරු මහත්මීන් මෙම වැඩසටහන සංවිධානය කිරීමට කටයුතු කරන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පුද කරමු.




0 Comments