ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2024
---------••••••-------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් කදුමැද නුවර සාහිත කලා කෙතේ රන් අස්වනු මංගල්‍යය පන්හිදක_සේයා සාහිත සැමරුම් උළෙල 2024.10.25 වන දින නක්කාවිට කනිටු විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික් මහදිසාපතිතුමන් නියෝජනය කරමින් සපැමිණි අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්කර්ෂවත් අවස්ථාවට, ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිපාලන ග්‍රාම නිලධාරිතුමා, ගණකාධිකාරිතුමිය, දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීතුමිය, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංස්කෘතික නිලධාරීතුමිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් මෙන්ම දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය නිලධාරීන් රැසක් මෙන්ම නක්කාවිට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන් ද සහභාගී වූහ.
මෙහිදී අන්තර් රාජ්‍ය සේවා නාට්‍ය තරගාවලියේදී රාජ්‍ය සම්මාන 8 කින් පිදුම් ලැබූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය නිලධාරීන් රංගනයෙන් දායක දූ "කැලේ කතාව" වේදිකා නාට්‍ය රඟ දැක්වුණු අතර, ප්‍රදේශයේ පාසල් මෙන්ම කලායතන රැසක නර්තන අංග වලින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය නිලධාරීන්ගේ අපූරු ගීතාවලියකින් ද විචිත්‍රවත් විය.
එමෙන්ම මෙහිදී ප්‍රාදේශීය සාහිත්‍ය තරග ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීමද සිදු කළ අතර, එම ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් විද්‍යුත් සඟරාව "මහිම දහරා" - දෙවන කලාපය දොරට වැඩුමද සිදුවිය.
මෙම වැඩසටහන වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කරනු ලැබුවේ පළාත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වන අතර ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙමු.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නාට්‍ය කණ්ඩායමටත්, නර්තනාංග ඉදිරිපත් කළ, පාසල් හා කලායතන වල ආචාර්ය මණ්ඩලය ඇතුලු දරු දැරියන්ටත්, ඉතා අලංකාර වූ ගොක්කොළ රටා දැමූ වේදීකාවක් තනා දුන් සෞම්‍ය මහතාට සහ ජයවික්‍රම මහතාටත්, නක්කාවිට විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය ඇතුලු දුවා දරුවන්ටත්, ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩයේ නිලධාරීන් ඇතුලු සෙසු පිරිසටත්, සංස්කෘතික නිලධාරිතුමිය සහ සංස්කෘතික නිලධාරිතුමාටත්, නන් අයුරින් සහය දුන් සැමටත් තුති මල් මිටක් පුදකරමු.












0 Comments