දෙටුපුර_හරසර_2024- ප්‍රාදේශීය වැඩිහිටි දින සැමරුම
----------------------------------------------
සබරගමු පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්,දැරණියගල ප්‍රාදේශීය සභාවත් එක්ව සංවිධානය කල දෙටුපුර_හරසර ප්‍රාදේශීය වැඩිහිටි දින සැමරුම් වැඩසටහන පසුගියදා සබරගමු පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර චම්පා ජානකී රාජරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් දැරණියගල බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී ප්‍රථමයෙන්, පූජ්‍යපාද ගලහිටිකන්දේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවන ලදී.

අනතුරුව අංශ කීපයක් ඔස්සේ ප්‍රාදේශීය වැඩිහිටි දින සැමරුමට සමගාමීව පැවැත්වූ ඇගයීමේ තරගවලින් ජයග්‍රහණය කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කුසලාන හා සහතික පත් පිරිනැමීම සිදුකෙරුණු අතර වැඩිහිටියන්ගේ නර්තනවලින්, නාට්‍ය වලින් හා ගායනයන්ගෙන් වැඩසටහන සමලංකෘත විය.

ප්‍රාදේශීය ලේකම්තුමිය, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා, දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා, සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරීතුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන්, සමාජ සේවා අංශයේ සංවිධානයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙහිදී වැඩිහිටියන් සඳහා උදෑසන තේ පැන් සංග්‍රහය පැවැත් වූ දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා, දිවා ආහාරය සැපයීම සඳහා සියලු සම්බන්ධීකරණයන් සිදු කරමින් කැප වූ දැරණියගල උතුර ග්‍රාම නිලධාරී කපිල සේනාරත්න මැතිතුමා ඉතා කෘතවේදීව සිහිපත් කරන අතර ඊට අමතරව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අනුග්‍රහයන් සැපයූ දැරණියගල සම්පත් බැංකුව, දැරණියගල ජාතික ඉතිරි කිරීමේ බැංකුව, හන්දිය රෙස්ටූරන්ට් අධිපතිතුමා,කේක් සෝන් අධිපතිතුමා, ඇතුළු සියලු දෙනාටම අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරමු.