ලෝක වැඩිහිටි දිනය 2024 -අභිමානයෙන් සමරමු
------------•••••••••••••----------------
සෑම වර්ෂයකදීම පාහේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ රටවල් විසින් ජාත්‍යන්තර වැඩිහිටි දිනය අභිමානයෙන් යුතුව ඔක්තෝබර් පළමුවැනිදා සමරනු ලබයි.
"ශක්තිමත් සත්කාරක හා උපකාරක සේවා යාන්ත්‍රණයන් තුළින් ගෞරවනීය වැඩිහිටි දිවියක්" යන්න 2024 වසරේ ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් තේමාව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කොට ඇත.
ක්‍රමයෙන් වර්ධනය වන ලෝක වැඩිහිටි ජනගහනය විධිමත්ව සහ ඵලදායි ලෙස සමාජය තුළට ප්‍රවේශ කර ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන්නාවූ සහයෝගය වඩාත් පුළුල් කිරීම මින් අරමුණු කෙරේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුව යමින් ශ්‍රී ලංකාවද ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මූලික කරගෙන අද දින ජාත්‍යන්තර වැඩිහිටි දිනය ගෞරවයෙන් යුතුව සැමරීම සිදු කරනු ලබයි.
ඒ අනුව ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩිහිටියන්ගේ මනෝ සාමාජීය අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ අනුව සෞන්දර්යාත්මක, ගුණාත්මක, අධ්‍යාත්මික හා ඔවුන්ට නිසි ගෞරවය සමාජයෙන් සම්ප්‍රේෂණය කිරීම අරමුණු කරගත් විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබයි.
සමාජයට මඟ පෙන්වන පරමාදර්ශී වැඩිහිටියන්ට 2024 ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ ගෞරවය මෙලෙස පුද කරනු ලැබේ.
Words by:Kanchanamala Senevirathna

0 Comments