ප්‍රථමාධාර සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්
------------------••••••••••---------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් දරුවන්ගේ දැනුම කුසලතාවය සංවර්ධනය කර ගැනීම අරමුණු කරගනිමින් ප්‍රාදේශීය ළමා සභා රැස්වීම පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා කෑගල්ල සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී උපාලි රණසිංහ මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
එහිදී ළමා සභාවට සම්බන්ධ දුවා දරුවන් සඳහා ප්‍රථමාධාර ලබාදීමේ ක්‍රම පිළිබඳව ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ලදී.මේ සඳහා දරුවන් ඉතා උනන්දුවෙන් සහභාගී විය.
කාන්ත හා ළමා ඒකකය විසින් සංවිධානය කල මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පළ කරමු.