පාසල් සමථකරණය තුලින් සහජීවනයෙන් පිරි රටක්...
—————————•••••••—————————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් පසුගියදා නක්කවිට කනිෂ්ඨ විදුහලේ දී 9 සහ 10 වසර වල සිසුන් සදහා පාසල් සමථකරණය තුලින් සහජීවනයෙන් පිරි රටක් යන තේමාව ඔස්සේ පාසල් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ සංවර්ධන නිලධාරී ප්‍රමෝදී ශ්‍යාමලී මහත්මිය විසින් ලබා දෙන ලදී.මෙම අවස්ථාවේ සිසුන් දැනුවත් කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ සංවර්ධන නිලධාරී, ඵලදායිතා සංවර්ධන නිලධාරී සහභාගි වූ අතර පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන් කීප දෙනෙකුද මෙම වැඩ සටහනට සහභාගි විය.
තාක්ෂණික කටයුතු සදහා සහය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණික අංශය විසින් ලබා දුන් අතර සංවිධානය හා මෙහෙයවීම් කටයුතු සමථ සංවර්ධන නිලධාරී විසින් සිදු කරන ලදී.මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීම සදහා පාසලේ විදුහල්පතිතුමා ලබා දුන් සහයෝගය කෘතවේදිව සිහිපත් කරන්නෙමු.



0 Comments