වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්
---------•••••••••••------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් මෙම කොට්ඨාසය පුරා ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2024.09.12 වන දින දැරණියගල කදිරේෂන් දෙමළ මහා විද්‍යාලයේදී පැවැත්විණි.
මේ සදහා එම විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ සිසු දරු දැරියන් සහභාගී වූහ.
මෙම වැඩසටහන සදහා වෘත්තීය පුහුණු අධිකාරියේ සුභානි රත්නායක මහත්මිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ දැරණියගල කොට්ඨාසයේ පුහුණු පරීක්ෂණ නිලධාරිනී කුමාරි මෙනවිය, අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි හා නිපුණතා සංවර්ධන. නිලධාරී යන නිලධාරී පිරිස විසින් සම්පත්දායකත්වය ලබා දුන් අතර, ඒ වෙනුවෙන් විශේෂ ස්තුතිය පුද කර සිටිමු.
එමෙන්ම මෙම වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් සහය දුන් විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන්ටත්, භාෂා පරිවර්තනයෙන් සහය වූ අචාර්යවරුන්ටත්, නන් අයුරින් සහය දුන් සැමටත් හදපිරි තුති පිරිනමමු.


0 Comments