ස්වශක්ති මාසික රැස්වීම
-------••••---------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන එකමුතු ස්වශක්ති සංවිධානයේ මාසික රැස්වීම හා ඊට සමගාමී පොළ වැඩසටහන පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ස්වශක්ති සාමාජිකයින්ගේ අත්කම් නිෂ්පාදන හා ඔවුන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවි කිරීම අරමුණු කරගත් ස්වශක්ති පොළ පෙරවරුවේ පැවති අතර කාර්යාල නිලධාරීන් විසින් එම නිෂ්පාදන මිලදී ගන්නා ලදී.
ස්වශක්ති සංවිධානයේ මාසික හමුව ඉන් පසු ආරම්භ වූ අතර ප්‍රථමයෙන්ම ආබාධිත මහ ලේකම් කාර්යාලය විසින් ලබා දෙන අධ්‍යාපන ආධාර ත්‍රිත්වයක් අදාළ ප්‍රතිලාභීන් වෙත ප්‍රදානය කිරීම සිදුවිය. ඉන් අනතුරුව ස්වශක්ති සංවිධානයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ස්වශක්ති සාමාජිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදුවිය.
ඉන් අනතුරුව ස්වශක්ති සාමාජිකයින්ගේ අධ්‍යාත්මික සංවර්ධනය අරමුණු කරගත් සංස්කෘතික හා ආගමික කටයුතු නිලධාරී බී.ආර්.විමලරත්න මහතා විසින් මෙහෙය වූ ධර්ම සාකච්ඡාවට හා දැනුවත් කිරීමට සම්බන්ධ වීමට සාමාජිකයින්ට අවස්ථාව උදා වූ අතර එය අවසානයේ ධර්ම අභ්‍යාසයක ප්‍රායෝගිකව නිරතවීමටද ඔවුන්ට හැකියාව ලැබුණි.
මෙහි සංවිධාන කටයුතු සමාජ සේවා අංශය විසින් සිදු කරන ලද අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් බී.ආර්.විමලරත්න මහතා ඇතුළු සියලුම දෙනාටම අපගේ කෘතවේදීත්වය පිරිනමමු.



0 Comments