ගොවිපල කළමනාකරණය පුහුණු වැඩසටහන
————————••••••————————
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමතුලින් කොට්ඨාසය තුල සිදු කරන වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් ලෙස 2024.08.27 දින විසිතුරු මත්ස්‍ය ගොවිපල කළමනාකරණය පුහුණු වැඩසටහන දිස්ත්‍රික් ජලජීවී වගාව්‍යාප්ති නිලධාරී තුමා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීය.
එයට සමගාමීව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කළමනාකාරතුමා විසින් ණය යෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් කරන ලදී .
මෙම වැඩසටහන සංවිධානය ජලජීවී නිලධාරීනී, කුඩා ව්‍යාපාර නිලධාරීනීන් සහා අපනයන සංවර්ධන නිලධාරී විසින් සිදු කරන ලද අතර ඒ සදහා සහභාගි වු සියලුදෙනාමට හා සහයෝගය දැක්වූ සියලුදෙනාට ස්තුතිය පුදකරමි.