නායකත්ව හා කුසලතා සංවර්ධන පුහුණු වැඩසටහන
----------------••••••---------------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්විම යටතේ නායකත්ව හා කුසලතා සංවර්ධන පුහුණු වැඩසටහනක් පසුගියදා දෙහිඕවිට කනංගම යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දී සාර්ථක ලෙස පවත්වනලදි.
මෙම වැඩසටහනෙහි ඉලක්කගත කණ්ඩායම ලෙස මාළිබොඩ සහ නක්කාවිට වසම්හි සමෘද්ධි ළමා සමාජ දරුවන් 60 දෙනෙකු තොරාගන්නා ලදි.
දේශණ සහ විවිධ ක්‍රියාකාරකම් උපයෝගී කරගනිමින් පවත්වනලද වැඩසටහන සඳහා දරු දැරියන් දැඩි උද්යෝගයකින් සහභාගිවීම දවසපුරා දක්නට ලදි. සමෘද්ධි ප්‍රජාමුල බැංකු සමිති කළමණාකාර අධ්‍යක්ෂ, මුලස්ථාන කළමණාකාර, සමාජ සංවර්ධන නිලධාරි යන මහත්මීන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ දවස පුරාවට පැවති වැඩසටහන සාර්ථක කරගැනිම සදහා ප්‍රජාමුල බැංකු සමිති විෂය භාර සංවර්ධන නිලධාරි, මාළිබොඩ හා නක්කාවිට වසම්හි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සුවිශේෂී සහයෝගයක් ලැබිණ.
වැඩසටහන ආරම්භයේ සිට අවසානය දක්වා ඉතාමත් සැලසුම් සහගතව මෙන්ම මනා කැපවීමකින් කටයුතු කල කනංගම යොවුන් සේනාංක මධ්‍යස්ථානභාර නිලධාරිතුමන් ඇතුලු සමස්ථ කාර්යමණඩලයට සහ නන්අයුරින් සහයෝගය දක්වන ලද සැමට අපගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු .