Cargills ආයතනයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක්
—————————————————————————
මෙම කොට්ඨාසයේ තරුණ තරුණියන් හට ජාත්‍යන්තර වෘත්තිය නිපුණතාවයක් සමගින් රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා Cargills ආයතන එක්ව අත්වැල් බැදගනිමින්, Cargills ආයතනයට මුදල් අයකැමිවරුන්, සේවා සහායක/ සහායිකා, ආධුනික කෝකිවරුන්, ආධුනික ඖෂධවේදී සහායක / සහායිකා තනතුරු වෙනුවෙන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සංවිධානය කිරීම ශක්තියක් වූ මානව සම්පත් නිලධාරීතුමාටත්, නිපුණතා සංවර්ධන නිලධාරීතුමාටත්, නන් අයුරින් සහය දුන් සැමටත් හදපිරි තුති පිරිනමමු.


0 Comments