Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ස්වශක්ති මාසික හමුව



ස්වශක්ති මාසික හමුව
---••••••••••••----
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් විශේෂ අවශ්‍යතා සහිතවූවන් වෙනුවෙන් පවත්වන එකමුතු ස්වශක්ති මාසික හමුව පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මීට සමගාමීව ස්වයං රැකියා වල නිරත වන විශේෂ අවශ්‍යතා සහිත වූවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ නිෂ්පාදන අලෙවි කරන ස්වශක්ති මාසික පොළද කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඊට අමතරව විශේෂ අවශ්‍යතා සහිත වූවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා සංගීතමය හා නර්තනමය චිකිත්සාවක් උපදේශන නිලධාරිනී ජීවනි දසනායක මෙනෙවිය විසින් සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා ඉතා උනන්දුවෙන් හා කැමැත්තෙන් සහභාගී වූ ස්වශක්ති සාමාජිකයින් ඉදිරියේදී ද එවැනි වැඩසටහන් සංවිධානය කරන ලෙස ඉල්ලීම් සිදු කරන ලදී.
මෙම වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම සමාජ සේවා අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් උපදේශන නිලධාරීතුමිය ඇතුළු සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පළ කරමු.

 

Post a Comment

0 Comments