ව්‍යවසාය නවීකරණය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්
---------------------------------------------------
ගරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමාගේ සංකල්පයකට අනුව තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයින් වෙනුවෙන්
සංවිධානය කරනු ලැබූ තාක්ෂණ නව්‍යකරණ වැඩසටහන 2024.07.05 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී, ICTA ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, NEDA ආයතනය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, NERD ආයතනය, සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා විදාතා සම්පත් මධ්‍යස්ථානය යන රාජ්‍ය ආයතන හරහා ඩිජිටල් කරණය වූ ලෝකය සමඟ ඉදිරියට යෑමට ව්‍යවසායකයින්ට මඟ විවර කරන අවස්ථා රාශියක් පිළිබඳ න්‍යායාත්මක දැනුම ලබා දෙන ලදී.
ඒ සමඟම ව්‍යවසායකයින් සඳහා රාජ්‍ය බැංකු මගින් ලබා දෙන ව්‍යාපාර ණය වැඩසටහන් පිළිබඳවද දැනුවත් කිරීම සිදුකරන ලදී.
මේ අවස්ථාව සඳහා ගරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමා, හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ශ්‍යාමින්ද මැතිතුමා ඇතුළු මහජන නියෝජිතයින් හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහකාර ලේකම්තුමිය, සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ විය.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් ව්‍යවසාය සංවර්ධන නිලධාරීතුමිය, අපනයන සංවර්ධන නිලධාරීතුමා හා කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරිතුමියන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහය වූ සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පුද කරමු.





0 Comments