මානසික සෞඛ්‍යය ප්‍රවර්ධන වැඩසටහනක්
---------••••••••••••------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් මත දැරණියගල උතුර සමෘද්ධි ප්‍රජාමුල සංවිධානය විසින් සංවිධානය කරනලද ළමා මානසිකත්වය හා වැඩිහිටියන්ගේ මානසික ආතති කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරිමේ උපදේශනාත්මක වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය රැස්වීම් ශාලාවේදී පවත්වනලදි.
දැරණියගල උතුර සමෘද්ධි සංවර්ධන නිලධාරි එන්.කේ.තුසිත නුවන් ගුණතිලක මහතාගේ අදහසකට අනුව සංවිධානය කරනලද මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි, මුල් ළමාවිය සංවර්ධන නිලධාරි, උපදේශන සහකාර නිලධාරි සහ සමාජ සේවා නිලධාරි යන මහත්ම මහත්මීන් විසින් ලබාදෙන ලදි.
සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරිතුමිය විසින් වැඩසටහන සංවිධානය කරනලද අතර මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාහට අපගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.