ඇසුරුම්කරණය පිළිබද පුහුණු වැඩසටහන
———————••••••••———————
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම අනුව, මෙම කොට්ඨාසය පුරා සිදු කරන වැඩසටහන් අතර ඇසුරුම්කරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන සංවිධානය කුඩා ව්‍යාපාර අංශය හා අපනයන සංවර්ධන නිලධාරී විසින් සිදු කල අතර ඒ සඳහා සම්පත් දායකත්වය කෑගල්ල කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන නිලධාරී තරංග කරුණාරත්න මහතා විසින් ලබාදෙන ලදී. මෙහි දී ව්‍යවසායකයින් සදහා ඔවුන්ගේ නිෂ්පාදන වලට අවශ්‍ය ඇසුරුම් හා ලේබල් සකස් කර ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කරන ලදී.
මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා සහය දුන් සැමටත් හදපිරි තුති පිරිනමමු.