ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම අරමුණු කරගත් ක්ෂේත්‍ර චාරිකාවක්
———————————••••••———————————
හෙට ලොව දිනන දරුවන්ට සුරක්ෂිත අනාගතයක් උරුම කරදීම වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය, යහපැවැත්ම හා ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් මෙම කොට්ඨාසය පුරා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව මියනවිට වසමේ ග්‍රාම නිලධාරීතුමියගේ ඉල්ලීම පරිදි, පසුගියදා මියනවිට සරස්වදී දමිළ විද්‍යාලයේ පාසල් නොයන දරුවන් පිලිබදව, විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්ඩලය සමග කරන ලද සාකච්ඡාවේදී ලබාදුන් තොරතුරු පාදක කර ගනිමින් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිතුමිය, උපදේශන නිලධාරිතුමිය, වැවිලි ප්‍රජා පහසුකම් සලසන නිලධාරීතුමිය හා දැරණියගල පොලිසියේ ළමා හා කාන්තා කටයුතු අංශයේ නිලධාරීතුමියගේ සහභාගිත්වයෙන් 2024 ජූලි මස 16 වන දින කොස්ගහකන්ද වත්ත ආශ්‍රිතව ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කෙරුණි.
ඒ අනුව පාසල් යන වයසේ පසුවන එහෙත් දිගු කාලිනව පාසල් නොයන දරුවන් හා කඩින් කඩ පාසල් එන දරුවන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ දත්ත හා තොරතුරු රැස් කළ අතර, ඒ සම්බන්ධයෙන් දෙමාපියන්ද දැනුවත් කරන ලදී.
එහිදී දෙමාපියන් අහිමි වීම, දෙමාපියන් විදෙස් ගතවීම, සිය පවුලේ සාමාජිකයින්ගේ බීමත්කම වැනි කරුණු හේතූවෙන් පාසල් නොයන දරුවන් හා අනාරක්ෂිත, අවදානම් දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අතර, දරුවන් පාසල් අධ්‍යාපනයට යොමු නොකිරීම හා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු නොකරන දෙමාපියන්ට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, උපදේශනය අවශ්‍ය දරුවන් වෙනුවෙන් උපදේශන සේවා ක්‍රියාත්මක කරන ලෙසත්, මේ සියලු කාර්යයන් සම්බන්ධයෙන් පසු විපරම් කිරීම හා නිරන්තර අධීක්ෂණය සිදුකරන ලෙසත්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
එමෙන්ම මෙම ක්ෂේත්‍ර චාරිකාවේදී කොස්ගහකන්ද වතු පෙරපාසලේ අධීක්ෂණ කටයුතුද සිදු කෙරුණි.
මෙම වැඩසටහන ඉදිරියේදී සියලු ග්‍රාම නිලධාරීන් වසම් ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරන අතර, මෙම කර්තව්‍යය සාර්ථක කරගනු වස් සහය දුන් මියනවිට සරස්වදී දමිළ විද්‍යායේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, නන් අයුරින් සහය දුන් සැමටත් හදපිරි තුති පිරිනමමු




0 Comments