බිම්මල් නිෂ්පාදනය පිළිබඳව තාක්ෂණික පුහුණු වැඩසටහනක්
--------------------••••••••----------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් බස්නාගල⁣, දොඩාවත්ත, නිල්වල, යන වසම් වල කාන්තා සංවිධාන වල සාමාජිකාවන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශිය සභාව ඒකාබද්ධව සංවිධානය කල බිම්මල් නිෂ්පාදනය පිළිබඳව තාක්ෂණික පුහුණුව ලබාදීමේ වැඩසටහනක් 2024/7/12 දින දොඩාවත්ත ග්‍රාම නිලධාරී කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදි, සම්පත්දායකත්වය දෙහිඕවිට විදාතා සම්පත් මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරී එදිරිසිංහ මහතා විසින් ලබා දෙන ලදී. මෙහි අනුග්‍රහකත්වය ප්‍රාදේශීය සභාව විසින් දරණ ලද අතර එහි සම්බන්ධීකරණ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු කරන ලදී.
මේ වැඩසටහන සඳහා වනිතා සංවර්ධන නිලධාරීතුමිය,ප්‍රාදේශීය සභාවේ මාණ්ඩලික සහකාරතුමිය හා විෂයභාර සංවර්ධන නිලධාරී දිස්නා මහත්මිය සහභාගී විය.
දොඩාවත්ත, බස්නාගල, නිල්වල වසම් වල ග්‍රාම නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් විදාතා සම්පත් මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර නිලධාරී රූපසිංහ මහතා ද මේ වැඩසටහන සඳහා සහභාගි විය. මේ සඳහා සහයෝගය ලබාදුන් සැමට අපගේ කෘතවේදීත්වය පුද කරමු.