දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බළ මණ්ඩල කෙටි නාට්‍ය තරඟාවලිය-2024
——————————•••••••—————————-
සබරගමු පළාත් පරිවාස ළමා රක්ෂණ හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මූල්‍ය අනුග්‍රහයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බළමණ්ඩල කෙටිනාට්‍ය තරඟාවලිය පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ සඳහා ග්‍රාමීය වැඩිහිටි කමිටු 11ක් නියෝජනය කරමින් නාට්ය කණ්ඩායම් 11ක් සහභාගී විය.
සංස්කෘතික නිලධාරීන් දෙදෙනා, අපනයන සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී නිපුනිකා හර්ෂි හා ක්‍රීඩා නිලධාරී විසින් මෙහි විනිශ්චය කටයුතු සිදු කර දෙන ලදී.
එම තරඟාවලියේ තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලද්දේ නක්කාවිට වැඩිහිටි ග්‍රාමීය කමිටුවේ නාට්‍ය වූ අතර එහි දෙවන ස්ථානය ජයග්‍රාහණය කලේ මාගල වැඩිහිටි ග්‍රාමීය කමිටුවේ නාට්‍යයයි.එහි ප්‍රථම ස්ථානය ජයග්‍රාහණය කරනු ලැබුවේ පොල්ගස්වත්ත වැඩිහිටි ග්‍රාමීය කමිටුවේ නාට්‍ය නිර්මාණයයි. දක්ෂතම නළුවා ලෙස පොල්ගස්වත්ත වැඩිහිටි ග්‍රාමීය කමිටුවේ ගාමිණි කුමාරනායක මහතා තේරුණු අතර නක්කාවිට වැඩිහිටි ග්‍රාමීය කමිටුවේ කරුණා එගොඩවත්ත දක්ෂතම නිළිය ලෙස තේරී පත් විය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් විනිශ්චය මණ්ඩලය ඇතුළු සියලුම දෙනාට අපගේ කෘතවේදීත්වය පිරිනමමු.