වැඩිහිටියන් සදහා පැවැත්වූ ආයුර්වේද වෛද්‍ය සායනයක්
------------•••••••••••••••-----------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම යටතේ වැඩිහිටියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් අතර වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම සඳහා ක්‍රියාත්මක ආයුර්වේද සායන වැඩසටහනක් පසුගියදා ලස්සේගම රංසිරිපුර ප්‍රදේශයේදී සංවිධානය විය.
මෙහිදී වැඩිහිටියන්ගේ සෞඛ්‍ය ගැටලු වලට අදාලව ඖෂධ ලබාදීම සහ ඔවුන් දැනුවත් කිරීම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය විසින් සිදු කරන ලදී.
මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 72 සහභාගී වූ අතර එහිදී ඔවුන් සියලු දෙනාට නොමිලේ ආයුර්වේද ඖෂධ ලබා ගැනීමේ අවස්ථාව උදා විය.
මෙම වැඩසටහන සම්බන්ධීකරණය හා සංවිධානය කිරීම සමාජ සේවා අංශය විසින් ලස්සේගම විශාකා වැඩිහිටි සමිතිය සම්බන්ධ කරගෙන සිදු කරන ලදී .
මෙම වැඩසටහනේ සාර්ථකත්වය සඳහා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට අපගේ කෘතවේදීත්වය පළ කරමු.