මානසික ආතතිය කලමනාකරණය - පුහුණු වැඩසටහන
------------------•••••••-------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මගපෙන්වීමෙන් කාර්යාලයීය නිලධාරීන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව පුහුණු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
ඒ අතර කාර්යාලයීය නිලධාරීන්ගේ මානසික ආතතිය නිසි පරිදි කලමනාකරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානය කළ පුහුණු වැඩසටහනේ පළමු අදියර පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ග්‍රාම නිලධාරීන්, දැරණියගල සමෘද්ධි බැංකුවේ ක්ෂේත්‍රගත සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා කාර්යාලයේ එක් එක් අංශ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද මෙම පුහුණුව සදහ සහභාගී වූහ.
දේශන වලට පමණක් සීමා නොවූ මෙම වැඩසටහන ආතතිය කලමනාකරණය කර ගැනීමේ ප්‍රායෝගික ක්‍රියාකරම් රැසකින්ද සමන්විත වූ අතර, ඒ සම්බන්ධයෙන් කාර්යාලය නිලධාරීන් දැක්වූයේ මහත් උනන්දුවකි.
මෙම පුහුණු වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ සමාජ සේවා නිලධාරී කපිල දොඹගහවත්ත මහතා හා උපදේශන නිලධාරී ජීවනී මෙනවිය විසිනි. ඒ සම්බන්ධයෙන් විශේෂ ස්තුතිය පුදකර සිටින අතර, නන් අයුරින් සහය දුන් සැමත් කෘතවේදීව සිහිපත් කරමු.