යෞවන සමාජ ප්රාදේශීය බල මණ්ඩලය පිහිටුවීම
—————————*******———————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන්, ජාතික තරුණ සේවා සභාවේ සබරගමු පලාත් අධ්‍යක්ෂතුමිය, කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂතුමිය, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ සේවා නිලධාරීතුමා, දැරණියගල තරුණ සේවා නිලධාරීතුමා ඇතුලු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ දැරණියගල ප්‍රාදේශීය මණ්ඩලය පිහිටුවීම 2024 ජූනි මස 08 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මේ සදහා මෙම කොට්ඨාසයේ සක්‍රිය සියලු යෞවන සමාජ වල විධායක නිලධාරීන් රැසක් සහභාගි වූහ.
මෙහිදී 2024 වර්ෂය සදහා මෙම කොට්ඨාසයේ තරුණ සංවර්ධන සැලැස්ම සකස් කළ අතර, ප්‍රාදේශීය යෞවන සමාජ බල මණ්ඩලය වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගන්නා ලදී.
එම නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම්තුමියගේ ඇතුළු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතර, මෙම වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් නන් අයුරින් සහය දුන් සැමටත්, තාක්ෂණික සහය ලබාදුන් තොරතුරු තාක්ෂණ නිලධාරී ඉන්දික මහතාටත් ස්තුතිවන්ත වෙමු.