Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වෙසක්_සතිය වෙනුවෙන් චිත්‍ර තරගයක්




වෙසක්_සතිය වෙනුවෙන් චිත්ර තරගයක්
------------•••••••••------------
ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වන වෙසක් සතියට සමගාමීව ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් මෙම කොට්ඨාසය පුරා වැඩසටහනක් රැසක් ක්‍රියාත්මක කෙරුණි.
ඒ අනුව දහම් පාසල් දරුවන්ගේ සිත් තුළ බුද්ධාලම්භන පීතිය ජනිත කරවීමේ අරමුණින් දැරණියගල සිරිසුමන දහම් විදුහලේ දරුවන් අතර වෙසක් අසිරිය යන මැයෙන් චිත්‍ර තරගයක් පසුගියදා සිරිසුමන දහම් විදුහලේදී පැවැත්විණි.
පූජ්‍යපාද අමුහෙන්කන්දේ වජිර හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කළ මෙම වැඩසටහන සදහා බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීතුමිය, සංස්කෘතික කටයුතු නිලධාරීතුමිය සහ සංස්කෘතික කටයුතු නිලධාරීතුමා සහභාගි වූ අතර, පශ්චාත් ප්‍රාථමික, ප්‍රාථමික, කනිෂ්ඨ හා ජ්යෙෂ්ඨ යන අංශ මට්ටමින් චිත්‍ර තරගය පැවැත්විණි.
මෙහිදී එක් එක් අංශ මට්ටමින් චිත්‍ර තරග ජයග්‍රහණය කළ දහම් පාසල් සිසු දරු දැරියන්ට පළාත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අනග්‍රහයෙන් ත්‍යාග ද පිරිනැමිණි.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් සහය දුන් සිරි සුමන දහම් විදුහලේ ආචාර්ය මණ්ඩලයට හා සිසු දරුදැරියන්ටත් නන් අයුරින් උදව් කළ සැමටත් හෘදයාංගමව ස්තුතිවන්ත වෙමු.


 

Post a Comment

0 Comments