රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සතිය - දෙමළ භාෂා පුහුණු වැඩසටහන
------------------••••••••••••-----------------------
ද්වි භාෂා කොට්ඨාසයක් වශයෙන් නම් කර ඇති මෙම කොට්ඨාසය තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ "විශේෂ සතිය" වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා න්‍යායික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සමඟින් දෙමළ භාෂා පුහුණු පාඨාමාලාවක් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
මෙම පුහුණු පාඨමාලාව සතියකට එක් දිනක් පමණක් (පැය 6 ක කාලයක්) පැවැත්වෙන අතර, පූර්ණ වශයෙන් පැය 150 ක කාලයක් ආවරණය කරමින් ක්‍රියාත්මක කෙරේ.
භාෂා අයිතිය සුරැකීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන අතර, එය සුරක්ෂිත කිරීම උදෙසා සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, ගුරුවරුවන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙම පුහුණු වැඩසටහන සඳහා සක්‍රීයව සම්බන්ධ වී සිටිති.
මෙම පාඨමාලාව වෙනුවෙන් අවශ්‍ය උපදේශකත්වය ලබාදෙන ප්‍රාදේශීය ලේකම්තුමියටත්, අවශ්‍ය මඟ පෙන්වීම ලබාදෙන සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාටත්, නන් අයුරින් සහය දෙන සැමටත් කෘතඥ වෙමු.


0 Comments