ජංගම සේවය-උඩබාගේ වසම
-------•••••••••---------
තුරු පාරිසරික සංවිධානය හා OECRP ආයතනයේ අනුග්‍රහකත්වයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම අනුව, සහකාර ප්‍රාදේශීය ලේකම්, පරිපාලන ග්‍රාම නිලධාරී සහ කාර්යාලයීය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රජා සත්කාරක සේවා රැසක් සපයනු වස් ජංගම සේවයක් 2024.06.04 වන දින පෙ.ව 9.00 සිට ප.ව.3.00 දක්වා උඩබාගේ වසම කේන්ද්‍ර කරගනිමින් කෙහෙල්වල වත්ත කෝවිල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී,
* ජාතික හැදුනුම්පත් සකස් කිරීමට අවශ්ය කටයුතු කඩිනමින් සම්පාදනය කරදීම
* වැඩිහිටි හැදුනුම්පත් සකස් කිරීම
* අක්ෂි සායනයක්
* වෘත්තීය මාර්ගෝපදේශනය හා නිපුණතා සංවර්ධන කටයුතු
* ආහාර සැකසුම් වැඩසටහනක්
* ඉඩම් සම්බන්ධ කටයුතු
* විදේශ රැකියා
ආදී ප්‍රජා සේවාවන් රැසක් ක්‍රියාත්මක කෙරුණි.
මෙම වැඩසටහනට සම්බන්ධ වූ පොලිසිය, තැපැල් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුලු ආයතන වල නිලධාරීන්ටත්, උඩබාගේ වසම වෙනුවෙන් සේවය සැපයූ ආර්ථික සංවර්ධන නිලධාරී සුනේත්රා කාන්ති මහත්මියටත්, ග්‍රාම නිලධාරී ජගත් මංජුල මහතාටත්, මෙම අවස්ථාවට සම්බන්ධ වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ටත්, තුරු පාරිසරික සංවිධානයේ නිලධාරීන්ටත්, නන් අයුරින් සහය දැක්වූ සැමටත් හදපිරි තුති පිරිනමමු.



0 Comments