සාසනාරක්ෂ බල මණ්ඩලය රැස්වීම හා නිලවරණය
---------------••••••-------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් හා මග පෙන්වීමෙන්,බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමාගේ උපදෙස් පරිදි සාසනාරක්ෂ බල මණ්ඩලය රැස්වීම හා නිලවරණය බෞද්ධ කටයුතු අංශය මගින් 2024/06/28 දින ප:ව 2.00 පමණ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන රැස්වීම් ශාලාවේදී ඉතා සාර්ථකව පැවැත්වීය.
එදිනදී නිලවරණයෙන් දැරණියගල ශාශනාරක්ශක බලමණ්ඩලයේ ඉදිරි නිල කාලය සඳහා ලේඛකාධිකාරි ලෙස පූජ්‍ය නිවුන්හැල්ලේ සේනානන්ද ස්වාමින් වහන්සේ මෙවරද තේරී පත් විය. ගරු සභාපති ස්වාමින් වහන්සේ ලෙස පුංචි මඩවල ධම්මකිත්ති ස්වාමින් වහන්සේ තේරී පත් විය. උන්වහන්සේලාට නමස්කාර පූර්වක සුබපැතුම්.
ඒ සදහා ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සහය දැක්වූ කාර්යාලයීය නිලධාරී මහත්ම මහත්මීන්ටත්, සහභාගීවීමෙන් සහ නිලවරණයට සහය දැක්වීමෙන් සහය වූ දැරණියගල පොලීසියයේ පොලිස් ස්ථානාධිපතිතුමන්ටත්, ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන්ටත් ස්තූතිය පිරි නමන අතර, ගරු ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේ, ගරු සභාපති ස්වාමින් වහන්සේ ඇතුළු වැඩම කල ස්වාමින් වහන්සේලාත්, දහම් පාසල් ගුරු භවතුන්ටත් ගෞරවපූර්වක ස්තුතිය පුදකර සිටිමු.