වැඩිහිටියන් සඳහා ආයුර්වේද ප්‍රජා සත්කාරක වැඩසටහනක්
-------------********************----------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් වැඩිහිටි සංවිධාන වල සමාජික සාමාජිකාවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා පවත්වනු ලබන ආයුර්වේද සත්කාරක වැඩසටහනක් 2024.06.26 දින පනාකූර හාරදාහ ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.
මෙම සායන වැඩසටහන සඳහා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියන් දෙදෙනෙක් සහභාගී වූ අතර පනාකූර වසමේ වැඩිහිටියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට මෙහිදී නොමිලයේ වෛද්‍ය උපදෙස් හා ඖෂධ ලබා ගැනීමේ හැකියාව ද ලැබිණි.
මෙම වැඩසටහන සමාජ සේවා අංශයේ මෙහෙයවීමෙන් පැවැති අතර පනාකූර වසමේ ග්‍රාම නිලධාරීතුමිය මේ වැඩසටහන සඳහා සහභාගි විය.
මෙම වැඩසටහනට සමගාමීව ඖෂධීය කොළ වර්ග හා කුරක්කන් පිටි භාවිතයෙන් සාදන ලද ප්‍රණීත ඖෂධීය කැඳ පානයක් පැමිණ සිටි සියලු දෙනාට ලබාදීම සඳහා පනාකූර වැඩිහිටි සමිතිය ක්‍රියා කර තිබිණි.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් වසමේ ග්‍රාම නිලධාරීතුමියට හා වැඩිහිටි සමිතියේ සාමාජික සාමාජිකාවන්ට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පළකරමු.