ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන්, සමාජ සේවා අංශයේ මෙහෙයවීමෙන්, ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය උතුම් පොසොන් පොහොය අර්ථාන්විත කරමින් ප්‍රතිපත්ති පූජාවක් ලෙස
පසුගියදා දැරණියගල රෝහල කේන්ද්‍ර කරගෙන ධාන්‍ය කැඳ දන්සලක් සංවිධානය කරන ලදී.
25 වන දින අලුයම සිට මුං ඇට, කව්පි, කඩල, හබලපෙති, කුරක්කන් පිටි, සව්, රතු සහල්, පොල් කිරි හා වියළි මිදි අඩංගු ප්‍රණීත ධාන්‍ය කැඳ සැකසීම ලස්සේගම විශාකා වැඩිහිටි සමිතිය,වත්තේගෙදර වැඩිහිටි සමිතිය, ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ භාණ්ඩාගාරික තුමන් ප්‍රමුඛව කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහයෝගය ඇතිව කාර්යාලයීය පරිශ්‍රයේදී සිදු කරන ලදී.
එලෙස සැකසූ ධාන්‍ය කැඳ දැරණියගල රෝහල කේන්ද්‍ර කරගනිමින් බෝනොවන රෝග සායනය සඳහා පැමිණෙන රෝගීන්ටත්,රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ටත්,රෝහලේ කාර්ය මණ්ඩලයටත් ප්‍රථමයෙන්ම පිළිගන්වන ලදී.
අනතුරුව රෝහල අසල මාර්ගයේදී මහා ජනතාව සඳහා මෙම ප්‍රණීත කැඳ දන්සල විවෘත විය.
මෙම මහඟු පුණ්‍ය කර්මය සඳහා අවසරය හා අවශ්‍ය සහයෝගය ලබාදුන් දැරණියගල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමු.
ධාන්‍ය කැඳ සැකසීමේදී හා ප්‍රවාහනයේදී සහයෝගය ලබාදුන් නිහාල් අතපත්තු මහතාටත් එම මහත්මියටත් පුණ්‍යානුමෝදනා සිදු කරන අතර මෙම සත්කාරය සඳහා සහයෝගය ලබාදුන් නිපුණිකා හර්ෂි සංවර්ධන නිලධාරීතුමිය ප්‍රමුඛ වෙනත් අංශවල නිලධාරීන්ටත්,සමාජ සේවා අංශයේ නිලධාරීන්ටත්,ප්‍රාදේශීය වැඩිහිටි මළ මණ්ඩලයේ සියලුම සාමාජික සාමාජිකාවන්ටත් අපගේ කෘතවේදීත්ය පළ කරමු.