බැති ගීයෙන් පොසොන් පොහොය අර්ථවත් කළ වැඩිහිටියෝ
-----------------------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් හා සමාජ සේවා අංශයේ මෙහෙයවීමෙන් දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය සංවිධානය කළ පොසොන් බැති ගී සරණිය පසුගියදා පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දැරණියගල වෙළඳ සංගමය සංවිධානය කරනු ලබන දර්ශනීය තොරණ් රාජයා අබියසත්, දැරණියගල සම්පත් බැංකු පරිශ්‍රයේ ඉහළ මහලේ දීත් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
මෙහිදී දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයට අයත් ග්‍රාමීය කමිටුවල වැඩිහිටියෝ මෙම බැති ගී සරණිය වර්ණවත් කරන ලදී.
මෙහිදී වැඩිහිටියන් සඳහා තොරණ පරිශ්‍රයේදී බැති ගී ඉදිරිපත් කිරීමට අවස්ථාවත් ඉන් අනතුරුව ඔවුනට තේ පැන් සංග්‍රහයක් ලබාදීමටත් කටයුතු කළ දැරණියගල එක්සත් වෙළඳ සංගමයේ සභාපතිතුමන් ප්‍රමුඛ සියලු දෙනාට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරමු.
එමෙන්ම නොමිලයේ වැඩිහිටියන්ගේ බැති ගී ප්‍රසංගය සඳහා විදුලිය ලබාදුන් දැරණියගල ජයෝද්‍යා කර්ටන් අධිපතිතුමියටත් අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරමු.
මේ සියලු කටයුතු සංවිධානය සඳහා සහයෝගය ලබාදුන් පරිපාලන ග්‍රාම නිලධාරීතුමාට අපගේ ගෞරවය පල කරන අතර මෙම වැඩසටහනට පැමිණ සහයෝගය ලබා දුන් ශිරාණි දීපිකා සංවර්ධන නිලධාරීතුමියටද අපගේ ගෞරවය පළ කරමු.
එමෙන්ම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පළ කරමු.