වැඩිහිටියන් සඳහා ආපදා අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්
-----------------••••••••••------------------------
සබරගමු පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් වැඩිහිටියන් වෙනුවෙන් සංවිධානය වූ ආපදා අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.06.19 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
විශේෂයෙන්ම සිය පවුල්වල දරුවන් නිවාස තනා ගැනීමේදී ආපදා තත්ත්වයන්ට ලක් නොවන ආකාරයෙන් නිවාස ඉදිකර ගැනීම,ඉවුරු සකස් කර ගැනීම ආදිය සම්බන්ධයෙන් වැඩිහිටියන් දැනුවත් කරන ලද අතර අකුණු ආපදාවලින් වැලකීම සඳහා අවශ්ය පියවර සම්බන්ධයෙන් හා අප විසින් නිර්මාණය කරගනු ලබන ආපදා තත්ත්වයන් අවම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී ඉතා ප්‍රායෝගික දැනුවත් කිරීමක් සිදුකෙරිණි.
මෙම වැඩසටහන ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පැවැති අතර මෙහි සංවිධාන කටයුතු සමාජ සේවා අංශය විසින් සිදු කරන ලදී.
මෙහිදී සම්පත් දායකයින් සම්බන්ධීකරණය සිදු කරන ලද ආපදා සහන සේවා නිලධාරීතුමාට අපගේ කෘතවේදීත්වය පළ කරමු.


0 Comments