මත්නිවාරණ වැඩසටහනක්
---------------------
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක, වෙසක් සතියට සමගාමී මත් නිවාරන කුටි වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි. මත්ද්‍රව්‍ය භාවිතයේ හානිකර ප්‍රතිවිපාක ජනගත කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මීට සමගාමිව නක්කාවිට ග්‍රාම සේවා වසම ආශිත මත් නිවාරන කුටි වැඩසටහන පසුගියදා නක්කාවිට කන්දඋඩ මංසන්ධියේ දී සාර්ථකව පවත්වනලදි. නක්කාවිට වසමේ කැකුළු ළමාසමාජ දරුවන් විසින් නිර්මාණශීලී ව ඉදිරිපත් කරනලද මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්විම යටතේ සංවිධානය කරනලද අතර, වැඩසටහන දිරිගන්වමින් අප හා එක්වුන හෙල්දි ලංකා ආයතනයේ ඉන්ද්‍රිකා මහත්මිය, සමාජ සංවර්ධන නිළධාරි මහත්මිය, නක්කාවිට/ලස්සෙගම /මාළිබොඩ වසමිභාර සමෘද්ධි සංවර්ධන නිලධාරින්, සංවර්ධන නිලධාරිනි ශානිකා මෙනවිය, ළමාසමාජ දරුවන්, ග්‍රාමීය ප්‍රජාව හට ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.