ජගත් පරිසර දින සැමරුම් වැඩසටහනක්
---------------------------------
2024 ජූනි මස 5 වන දිනට යෙදුණු ජගත් පරිසර දිනය නිමිත්තෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් මෙම කොට්ඨාසය පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණි.
ඒ අනුව එහි එක් වැඩසටහනක් පසුගියදා පොද්දෙනිකන්ද මහා විද්‍යාලයේදී පැවැත්විණි.
මෙහිදී පොද්දෙනිකන්ද විදුහලේ විදුහල්පතිතුමිය ,ගුරු මණ්ඩලය හා සිසු සිසුවියන් එක්ව රුක් රෝපණ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව සදහා වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී, අලෙවි ප්‍රවර්ධන නිලධාරී, සමාජ සංවර්ධන නිලධාරී, ඇතුළු ප්‍රජාමූල සමිතියේ නිලධාරීන් ද සහභාගී වූහ.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම උදෙසා නන් අයුරින් සහය දුන් සියලු දෙනා වෙත හදපිරි තුති පිරිනමමු.