මත්නිවාරණ වීදි නාට්යයක්
---------------------
ජාත්‍යන්තර දුම්වැටි හා මත් නිවාරණ දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය මඟින් දීප ව්‍යාප්තව මත් විරෝධී කොඩි අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම යටතේ මීට සමගාමීව දැරණියගල කොට්ඨාසය පුරාද විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක විය.
මෙහිදී සමෘද්ධි සමාජ සංවර්ධන අංශය විසින් නක්කාවිට වසමේ කැකුළු ළමා සමාජ දරුවන් සම්බන්ධ කරගනිමින් මත් විරෝධී වීදි නාට්ය සංදර්ශනයක් 2024.06.10 දින දැරණියගල ප්‍රාදේශීය සභා කාර්යාලයේ දි සාර්ථක ලෙස රඟ දක්වන ලද අතර ඉන් අනතුරුව එම ආයතනයේ නිලධාරින් හට කොඩි පැළඳවීම ළමාසමාජ දරුවන් අතින් සිදු කරන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබා දුන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන් ප්‍රමුඛ සියලු නිලධාරින්ට අපගේ කෘතවේදීත්වය පළ කරමු.




0 Comments