නිස්කෝ වෘත්තීය පුහුණු ආයතනයේ පාඨමාලාවන් පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්
-----------------•••••••••---------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් නිස්කෝ වෘත්තීය පුහුණු ආයතනයේ පාඨමාලාවන් සම්බන්ධයෙන් ප්‍රාදේශයේ තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.05.25 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
තරුණ සේවා නිලධාරීතුමන්ගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සදහා ජාතික තරුණ සේවා සභාවේ කෑගලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂතුමිය සහ නිස්කෝ දිස්ත්‍රික් කළමකාරතුමන්ද සහභාගි විය.
ඒ අනුව මෙම කොට්ඨාසයේ ප්‍රථම වතාවට ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය සම්බන්ධ පාඨමාලා ආරම්භ කිරීමේ මූලික පියවර තබන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් සහය දැක්වූ මානව සම්පත් සංවර්ධන නිලධාරීතුමාටත්, තරුණ සේවා නිලධාරීතුමාටත්, නිස්කෝ ආයතනයටත් බෙහෙවින් ස්තුතිවන්ත වන අතර, නන් අයුරින් සහය දුන් සැමත් කෘතවේදීව සිහිපත් කරමු.