විශේෂ අවශ්‍යතා සහිතවූවන් සහ වැඩිහිටියන් සදහා පැවැත්වූ බටහිර වෛද්‍ය සායනයක්
-------------------------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම මත දැරණියගල කොට්ඨාසයේ ආබාධ සහිත ප්‍රජාව සහ දැරණියගල උතුර දකුණ වසම් වල වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් පැවැත්වූ බටහිර වෛද්‍ය සායනය 2024-05-09 දින දැරණියගල පුර නැඟුම බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.
දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එහි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට අමතරව කෑගල්ල සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් මෙය ක්‍රියාත්මක විය. මෙම සායනයේදී විශේෂ අවශ්‍යතා සහිත අයට හා වැඩිහිටියන්ට රුධිරගත සීනි සහ කොලෙස්ටරෝල් පරීක්ෂාව, රුධිර පීඩනය මැනීම, BMI දර්ශක පරීක්ෂාව සහ අක්ෂි පරීක්ෂාව ආදී සෞඛ්‍ය පරීක්ෂණ රාශියක් නොමිලේ කර ගැනීමේ අවස්ථාව උදාවිය. ඊට අමතරව නොමිලේ දන්ත සෞඛ්‍ය පරීක්ෂණ හා දන්ත සෞඛ්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීමටද පැමිණි පිරිසට හැකියාව ලැබුණි. එහිදී රුධිර පරීක්ෂාවලින් හඳුනාගත් රෝගීන් සඳහා වෛද්‍ය උපදෙස් නොමිලේ ලබා ගැනීමටද අවස්ථාව උදාවිය.
ඊට අමතරව මෙහිදී හඳුනාගත් අවදානම් සහගත රෝගීන් දැරණියගල රෝහලේ සායන සඳහා යොමු කරවීම ද මෙහිදී සිදුකෙරිණි. මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සමාජ සේවා අංශය මගින් සිදුකරන ලදී.
මෙම කර්තව්‍ය සදහා ශාලා පහසුකම් හා උපකරණ නොමිලේ ලබා දුන් ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමාට ගෞරවයනීය කෘතවේදීත්වය පිරිනමන අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් එකමුතු ස්වශක්ති සංවිධානයේ නිලධාරීන්ට හා සාමාජිකයින්ට අපගේ කෘතවේදීත්වය පුද කරමු.