සියදිවි නසා ගැනීමට පෙළඹෙන්නන් ඉන් මුදවා ගමු.
-------------•••••••••------------------
දැරණියගල ප්‍රාදේශයේ ආසන්න වශයෙන් සිදුවූ සියදිවි නසා ගැනීමේ සිදුවීම් පදනම් කරගෙන සියදිවි නසා ගැනීමේ අවස්ථා අවම කිරීමේ බලාපොරොත්තුවෙන් දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය තුමා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීම උදෙසා වැඩසටහනක් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024.05.30 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ප්‍රථමයෙන්ම වැඩි අවදානම් තත්ත්වයක් පවතින කොස්ගහකන්ද ප්‍රාදේශය මේ වන විට යම් අවදානම් තත්ත්වයක ඇති බව පැවසූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන් සියදිවි නසා ගැනීම සම්බන්ධ ජානමය හේතු හැරුණු විට පුද්ගල හේතු හා සමාජීය හේතු වෙනස් කිරීමට දායක වීමට ක්ෂේත්‍රයේ රාජකාරී කටයුතු කරන ග්‍රාම නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් හා අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන්ට අවස්ථාව ඇති බව පෙන්වා දෙන ලදී.
ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන අනුව ලෝකයේ වැඩිපුරම සියදිවි නසා ගන්නට පෙළඹෙන්නේ පුරුෂයින් බවත් ලංකාවේ සංඛ්‍යා ලේඛණ දෙස බලන විට සියදිවි නසා ගැනීමට වැඩිපුරම පෙළඹෙන්නේ කාන්තාවන් බවත් තවදුරටත් පැවසීය.
සියදිවි නසා ගැනීමට පෙර ඔවුන් විසින් ලබා දෙන සංඥා පිළිබඳව යම් අවධානයකින් සිට ඔවුන් ඉන් මුදවා ගැනීමට අපට අවස්ථාව ඇති බව වෛද්‍යයතුමන් විසින් ප්‍රකාශ කළේය. ඒ සඳහා මානසික සෞඛ්‍ය සායන වෙත ඔවුන් යොමු කිරීමට නිලධාරීන්ට සක්‍රීයව දායක විය හැකිය.
ඒ අනුව දැරණියගල ප්‍රාදේශයේ සියදිවි නසා ගැනීම් අවම කිරීම සඳහා අවශ්ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සැදී පැහැදී සිටින බව ඔබට ආදරයෙන් මතක් කරමු.
ඔබට ඒ සම්බන්ධ යම්කිසි සහයක් අවශ්‍ය වෙතොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු වන්න.


0 Comments