මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහක්
------------------------
දැරණියගල කොට්ඨාසයේ වසම් සියල්ල ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරනය පිළිබඳ ළමාසමාජ දරුවන් සහ ග්‍රාමීය ප්‍රජාමුල සංවිධාන නිලධාරින්, පාලකමණ්ඩල නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිළධාරින් දැණුවත් කිරිමේ වැඩසටහනක් 2024.05.07 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනලදි.
මත්ද්‍රව්‍ය නිවාරනය පිළිබඳ උනන්දුවක් දක්වන වැඩිහිටියන් සහ ළමාසමාජ දරුවන් සම්බන්ධ කරගනිමින් වෙසක් සතියට සමගාමිව මත් නිවාරන කුටි පවත්වා ගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිවිපාක පිළිබඳ ජනතාව දැණුවත් කිරිම මෙම වැඩසටහනේ අරමුණ වන අතර වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් ප්රාදේශීය ලේකම් කාර්යලයීය නිලධාරින්, ප්‍රජාමුල සංවිධාන නිලධාරින්, ළමා සමාජ දරුවන් ඇතුලු සියලු දෙනා හට ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.



0 Comments