තොරතුරු තාක්ෂණ පුහුණු වැඩසටහනක්
---------------------------------
අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන සැලසුම 2024 අනුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් පළාත් ඉඩම් සංවර්ධන නිලධාරී සමන්ත මහතාගේ සම්පත් දායකත්වයෙන් කාර්යාලයීය නිලධාරීන් සදහා තොරතුරු තාක්ෂණය සම්බන්ධ පුහුණු වැඩසටහනක් 2024.05.06 දින කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
විෂයභාර කළමනාකරණ සේවා නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් මෙන්ම වසම් භාර සංවර්ධන නිලධාරීන් ද ඒ සඳහා සහභාගි විය.
මෙම පුහුණු වැඩසටහන වෙනුවෙන් සම්පත්දායකත්වය ලබාදුන් සමන්ත මහතාට විශේෂ ස්තුතිය පුදකර සිටින අතර, නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙමු.