"මැනුවල් ගිණුම් ක්‍රියාවලිය අත්හරිමින් ජාලගත පරිගණක මෘදුකාංග හරහා ගිණුම් කටයුතු සිදු කරමින් මාලිබොඩ සමෘද්ධි බැංකුව විශිෂ්ඨ පියවරක් ඉදිරියට තබයි"
-----------------•••••••••••-------------------------
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මාලිබොඩ සමෘද්ධි බැංකුව විශිෂ්ඨයින් අතර විශිෂ්ඨයකු වෙමින් 2024.05.01 දින සිට මැනුවල් ගිණුම් ක්‍රියාවලිය අත්හරිමින් දිවයිනම ආවරණය වන පරිදි ජාලගත පරිගණක මෘදුකාංගය හා බද්ධ වෙමින් ගිණුම් කටයුතු සිදු කිරිමට පියවර ගන්නා ලදි.
මෙහි සංකේතාත්මක උත්සවය 2024.05.17 දින දැරණියගල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් හා මහා සංගම්/මුලස්ථාන කළමණාකාරතුමියන්ලා, මාලිබොඩ කලාප කළමණාකාරතුමන්, දැරණියගල කලාප කළමණාකාරතුමිය , ව්‍යාපෘති කළමණාකාරතුමිය, ක්ෂේත්‍ර හා බැංකු කාර්ය මණ්ඩලය, පාලකමණ්ඩල නිලධාරින් සහ ගණුදෙනුකාර භවතුන් රැසකගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් මැද මාලිබොඩ සමෘද්ධි බැංකු පරිශ්‍රයේදි පවත්වනලදි .
2018 වර්ෂයේ සමෘද්ධි බැංකු හරසර වැඩසටහන යටතේ දිවයිනේ තෙවන ස්ථානයට පත්වීම මෙන්ම අද දින ලැබු ජයග්‍රහණයේ මංපෙත විවරකරදුන් අතිදක්ෂ, ලෙන්ගතු කෑගලු දිස්ත්‍රික් හා දැරණියගල කොට්ඨාස පරිපාලන නායකත්වය මෙන්ම බැංකුවක් ලෙස දැවැන්ත පියවරක් ඉදිරියට තබන්නට නායකත්වය ලබාදුන් බැංකු කළමණාකාර එන්.එම්.ආර්.කමල් චන්දන පියසේන මහතා ඇතුලු සුහදශිලි කාර්ය මණ්ඩලය, සැමදා ලෙන්ගතු පාරිභෝගික ජනතාව කෘතවේදිව සිහිපත් කරමු.



0 Comments