මුල්ළමාවිය සංවර්ධන වැඩසටහනක්
------------------------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක සංවිධානය කරන ලද පෙර පාසල් දරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතාවයන් වර්ධනය කිරීම සඳහා වන පෙර පාසල් ගුරුවරියන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2024.05.31 දින දැරණියගල සංස්කෘතික මධ්‍යස්ථාන පෙරපාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
නර්තනය හා නිර්මාණාත්මක අංග චලන පිළිබඳව ප්‍රායෝගික දැනුවත් කිරීම සිදුකරන ලද්දේ සංවර්ධන නිලධාරි කෝසලා රන්දිලිනි මහත්මිය විසිනි.
මෙම වැඩසටහන සඳහා කොට්ඨාස දෙකේම මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් හා සමාජ සේවා අංශයේ නිලධාරීන් සම්බන්ධ විය. මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පිරිනමමු.






0 Comments