පවතින වර්ෂාධික සමය තුළ ආපදා තත්ත්වයන් අවම කර ගනිමු.
——————————————————————————
වර්තමානයේ පවතින වර්ෂාධික තත්ත්වයත් සමඟ ඇතිවන ආපදා තත්ත්වයන් අවම කර ගැනීමේ අරමුණින් කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍රගතව රාජකාරී සිදු කරන ග්‍රාම නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් හා අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.05.30 දින සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය්‍යාලීය ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබුණි.
මෙහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් හඳුනාගත් මධ්‍ය අවධානම් සහිත ප්‍රජාව වෙත වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, අවදානම් තත්ත්වයේ පවතින ගස් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් සිදු කළ යුතු බවත්, හමුදාවේ සහය අවශ්‍ය වන අවස්ථාවලදී ඒ සඳහා භට කණ්ඩායම් සම්බන්ධීකරණය කිරීමට ආපදා කළමනාකරණ ඒකකයට හැකියාව ඇති බවත් කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂකතුමන් විසින් අවධාරණය කරන ලදී.
ආපදා සහන සේවා නිලධාරී විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම වැඩසටහන හරහා පවතින කාලගුණික තත්ත්ව තුළ නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කෙරුණු අතර කෑගල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂතුමන්ට හා එහි දිස්ත්‍රික් සම්බන්ධීකාරකතුමන්ට අපගේ කෘතවේදීත්වය පුද කරමු.


0 Comments