වෙසක්_සතිය සම්බුදු තෙමඟුල අර්ථවත්ව සැමරු තරුණයෝ....
---------------*******************-----------------
ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහයෙන් ශ්‍රී සම්බුදු තෙමඟුල සමරා බස්නාගල ප්‍රාදේශයේ තරුණයින් වෙනුවෙන් සංවිධානය වූ දහම් වැඩසටහනක් 2024.05.25 දින බස්නාගල මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
එහිදී ප්‍රමයෙන් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් පංචශීලය ආරක්ෂා කිරීමේ වැදගත්කම හා විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලින් තරුණ පිරිස් මුදවා ගැනීම, ඔවුන් අධ්‍යත්මික වශයෙන් සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් පුංචි මඩවල ශ්‍රී අභිනවාරාම විහාරවාසී පූජ්‍යපාද පල්ලෙබාගේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ විසින් අර්ථවත් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නට යෙදුණි.
ඉන් අනතුරුව තරුණ ප්‍රජාව විසින් ආමිස පූජාවක් ලෙස කඩල දන්සලක් සංවිධානය කළ අතර ප්‍රාදේශවාසීන් රැසක් මෙම දන්සලට සහභාගි විය.
සවස් භාගයේ දී බස්නාගල මහා විද්‍යලයේ දුවා දරුවන්,බස්නාගල ශ්‍රී විදුදය දහම් පාසලේ දුවා දරුවන් හා දොඩාවන්ත ශ්‍රී විශුද්ධාරාම දහම් පාසලේ දුවා දරුවන් විසින් ආමිසය මුල් කරගෙන සම්බුදු ගුණ සිහි කෙරෙන භක්ති ගීත වැඩසටහනක් පැවැත් වූ අතර ඒ සඳහා සහභාගි වූ දුවා දරුවන්ට ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහයෙන් වටිනා සහතික පත් හිමිවිය.
මෙම වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, දොඩාවත්ත පොලිස් ස්ථානාධිපතිතුමන්, බස්නාගල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන්, බස්නාගල වසමේ ග්‍රාම නිලධාරී හා ආර්ථික සංවර්ධන නිලධාරී සහභාගී වූ අතර මෙහි සම්බන්ධීකරණ කටයුතු සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු කරන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය සැපයූ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමන අතර අනෙකුත් සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පිරිනමමු.



0 Comments