වෙසක්_සතිය - ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිකරමින් වැඩිහිටි බල මණ්ඩලයෙන් සුප් දන්සැලක්
----------------•••••••••••------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් ක්‍රියාත්මක වන ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය හා සමාජ සේවා අංශයේ නිලධාරීන් එක්ව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිකරමින් වෙසක් පෝයට සමගාමී සුප් දන්සලක් දැරණියගල සමෘද්ධි බැංකුව ඉදිරිපිටදී 2024.05.22 දින පවත්වන ලදී.
ලස්සේගම විශාකා වැඩිහිටි සමිතිය ප්‍රමුඛ අනෙකුත් වැඩිහිටි ග්‍රාමීය කමිටුවල සාමාජික සාමාජිකාවන් මේ සඳහා දායකත්වය ලබා දෙන ලදී.මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් දායකත්වය ලබා දුන් රංජිත් පොල්ගම්පල මහතාට, දැරණියගල සමෘද්ධි බැංකුවේ කළමනාකාරතුමිය ප්‍රමුඛ නිලධාරීන්ට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට, අසල්වැසියන්ට හා වැඩිහිටියන්ට අපගේ කෘතවේදීත්වය පුද කරමු.






0 Comments