Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

කුලියාපිටිය නැගෙනහිරින් දැරණියගලට නෑගම්..










කුලියාපිටිය නැගෙනහිරින් දැරණියගලට නෑගම්..
-------------•••••••••••----------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ සාමාජිකයින් හා කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය වෙත නෑගම් පැමිණීමේ වැඩසටහන 2024.05.17 දින සිදු කෙරිණි.
එහිදී එම වැඩිහිටියන් හා නිලධාරීන් අංහෙට්ටිගම මධුභාණී කලායතනයේ නර්තන ශිල්පිනියන්ගේ පිළිගැනීමේ නර්තනයෙන් උණුසුම් ලෙස පිළිගත් අතර කුලියාපිටිය නැගෙනහිර හා දැරණියගල අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබුණි.
එහිදී පැමිණි සැම පිළිගැනීම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා විසින් සිදුකරන ලද අතර කුරුණෑගල දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන සම්බන්ධීකාරකතුමා, දැරණියගල පරිපාලන ග්‍රාම නිලධාරීතුමා, නැගෙනහිර කුලියාපිටිය ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ සභාපතිතුමා හා දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ උපසභාපතිතුමා විසින් අදහස් ප්‍රකාශ කරන ලද අතර ප්‍රාදේශීය බල මණ්ඩල දෙකේම සංස්කෘතිකාංග වලින් වැඩසටහන අලංකාරවත් විය.
අනතුරුව ඔවුන්ට උදෑසන සංග්‍රහය ලබා දුන් අතර එය අවසන ඔවුන් දැරණියගල සමන් දේවාලය වැඳ පුදා ගැනීම සඳහා එහි කැඳවාගෙන
යන ලදී.
රක්කනාව ඇල්ල වෙත වැඩිහිටියන් කැඳවාගෙන යන ලද්දේ ඉන් අනතුරුවය.එහිදී සොබා සෞන්දර්ය නැරඹීමේ හා රසවිඳීමේ අවස්ථාව වැඩිහිටියන්ට මෙන්ම නිලධාරීන්ටද හිමිවිය.
දැරණියගල ප්‍රාදේශීය බල මණ්ඩලය විසින් පිළියෙල කරන ලද දිවා ආහාරය නැගෙනහිර කුලියාපිටිය වැඩිහිටියන්ට හා නිලධාරීන්ට පිළිගැන්වුණු අතර අනතුරුව සුහද සාකච්ඡාවක දෙපාර්ශවය නිරත විය.
දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයට හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ට නැගෙනහිර කුලියාපිටියට නෑගම් පැමිණෙන ලෙස ආරාධනා කළ වැඩිහිටියෝ ඉතා සුන්දර හෝරා කිහිපයක මිහිරියාව සිතේ රඳවා ගනිමින් නැවත ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව ගියෝය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පළ කරමු.


 

Post a Comment

0 Comments