රැකියා පොළ 2024
----------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සමගින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ රැකියා සහ වෘත්තීය පුහුණුව සදහා ප්‍රාදේශයේ තරුණ තරුණියන්ට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් 2024.05.09 වන දින දවස පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.
දේශීය විදේශීය රැකියා අවස්ථා, වෘත්තීය මාර්ගෝපදේශ සේවා, වෘත්තීය පුහුණු අවස්ථා හා ස්වයං රැකියා මග පෙන්වීම් ආදී බොහෝ සේවාවන් රැසක් මෙහිදී ක්‍රියාත්මක කෙරුණි.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන රැසක්ද මෙම වැඩසටහනට සිය දායකත්වය ලබාදී තිබුණි.
ඉතා සාර්ථක ලෙස නිමාව සනිටුහන් කළ මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු වෙනුවෙන් කැපවුණ මානව සම්පත් සංවර්ධන නිලධාරීතුමාට හා නිපුණතා සංවර්ධන නිලධාරීතුමාට විශේෂ ස්තුතිය පුදකර සිටින අතර, නන් අයුරින් උදව් කළ සැමත් කෘතවේදීව සිහිපත් කරමු.