සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක්
-------------------------------------
දැරණියගල සමෘද්ධි ප්‍රජාමුල බැංකු සමිතියේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව 2024 මැයි මාසයට අදාලව විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකයි. ඉන් එක් වැඩසටහනක් ලෙස සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන් යටතේ විවිධ විලාසිතාවන් ගෙන් යුතු ඇඳුම් මැසීම, බෑග් වර්ග මැසීම, පන් හා බටපතුරු ආශ්‍රිත නිර්මාණ සැකසීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය රැස්වීම් ශාලාවේදී පවත්වනලදි .
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ පුහුණු නිලධාරිතුමිය සහ සිංගර් ෆැෂන් ඇකඩමියේ පුහුණු නිලධාරිතුමිය විසින් ලබාදෙන ලදි. ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ග්‍රාම සේවා වසම් කිහිපයක් ආවරණය කරමින් පුහුණු ලාභිනියන් රැසක් සහභාගි විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ සහයෝගය ඇතිව සමෘද්ධි සමාජ සංවර්ධන නිළධාරි තුමිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනලදි.