වෙසක්_සතිය - ලේ දන්දීමේ වැඩසටහන 2024
-----------------••••••------------------
වෙසක් සතියට සමගාමීව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් කාර්යාලයීය බෞද්ධ කටයුතු අංශය මගින් සංවිධානය කරන ලද වාර්ෂික ලේ දන්දීමේ කදවුර 2024.05.15 වෙනි දින පෙ.ව. 8.30 සිට දවස පුරා කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී ක්රියාත්මක කෙරුණි.
මෙම වැඩසටහන වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන් රත්නපුර රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යතුමන් ඇතුලු කාර්ය මණ්ඩලයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමු.
එමෙන්ම මේ සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදුන් මියනවිට ග්‍රාම සංවර්ධන සමිතියටත්, රුධිරය පරිත්‍යාග කරමින් මහත් වූ පුණ්‍ය කර්මයකට දායක වූ රුධිරදායකයින්ටත්, වැඩසටහන සාර්ථක කරගැනීම උදෙසා සහය දුන් කාර්යාලයීය නිලධාරීන්ටත්, නන් අයුරින් උදව් කළ සැමටත් පුණ්යානුමෝදනා සමගින් හදපිරි තුති පිරිනමමු.