ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය සූර්ය මංගල්‍යය 2024
------------------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන්, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය වූ සූර්යය මංගල්‍යය -2024 අවුරුදු උළෙල 2024.05.01 දිනය පුරා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
මෙහිදී, නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අවුරුදු ක්‍රීඩා රාශියක් සංවිධානය වී තිබුණි. දරුවන් සඳහා ටොපි ඇහිලීම, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යාම ආදී අවුරුදු ක්‍රීඩා සංවිධානය විය. වැඩිහිටියන් වෙනුවෙන් සංවිධානය වූ ක්‍රීඩා අතර ගෝනි රේස්, පැණි බඹරය හා අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තේරීම සුවිශේෂී ස්ථානයක් ගන්නා ලදී. ඊට අමතරව තවත් ජන ක්‍රීඩා හා නව්යකරණය වූ ක්‍රීඩා රාශියක් මෙහි අන්තර්ගත විය. අනතුරුව DJ ප්‍රසංගයකට එක්වීමටද කාර්යාලයේ නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවස්ථාව උදාවිය.
සමාජ සේවා අංශයේ හා ආර්ථික සංවර්ධන නිලධාරී නුවන් ජයසිංහ මහතාගේ විචිත්‍රවත් නර්තනාංගවලින් මෙම උළෙල වර්ණවත් විය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මූල්ය අනුග්‍රහ ලබාගැනීමට සුවිශේෂී සහයෝගයක් දැක්වූ පරිපාලන ග්‍රාම නිලධාරීතුමා, දැරණියගල උතුර ග්‍රාම නිලධාරී කපිල සේනාරත්න මහතා කෘතවේදීව සිහිපත් කරන අතර මෙය සාර්ථක කර ගැනීමට උර දුන් සියලූම නිලධාරීන්ට අපගේ ගෞරවය පුද කරමු.