ආයුර්වේද සායනයක්
-----------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් ප්‍රදේශයේ
වැඩිහිටියන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ආයුර්වේද සායනයක් පසුගියදා දොඩාවත්ත ග්‍රාම නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ සඳහා වැඩිහිටියන් 170 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර කොට්ඨාසයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියන් දෙදෙනෙකු මේ සඳහා සම්බන්ධ විය. දොඩාවත්ත වැඩිහිටි ග්‍රාමීය කමිටුව මූලික කරගෙන මෙම ආයුර්වේද සායනය සංවිධානය වූ අතර වැඩිහිටියන්ට අමතරව සෙසු ප්‍රජාවද මේ සඳහා සම්බන්ධ විය.
මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සමාජ සේවා අංශය විසින් සිදු කරන ලදී. මේ සඳහා ප්‍රවාහන අනුග්‍රහය දැක්වූ දැරණියගල ප්‍රාදේශීය සභාවටත්, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් දොඩවත්ත ග්‍රාම නිලධාරීතුමා, ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු සියලු දෙනාටත් අපගේ කෘතවේදීත්වය පුද කරමු.